ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ ප්‍රබල සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවූ ඔහු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කළා.