Monday, April 29, 2024

General line - 0115112241

සපුගස්කන්ද OIC ට මාරුවක්




සපුගස්කන්ද පොලිස් ස්ථානයේ ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ලබාදුන් මූලික වාර්තාවට අනුව දෙපාර්ශවයෙන්ම අඩුපාඩු සිදුව ඇතැයි නිරීක්ෂණය වන බැව් සඳහන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වා අවසන් වන තෙක් සපුගස්කන්ද පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයාට මැතිවරණ කොමිසම් අවසරය මත ස්ථාන මාරුවීමක් ලබාදීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක නිර්දේශ කර තිබෙනවා.

සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කිරීම හේතුවෙන් බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගත්තා.

හෙයියන්තුඩුව ගොඩැල්ලවත්ත ප‍්‍රදේශයේ නිවසක් මංකොල්ලකෑමේ සිද්ධියකට අදාළව සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවටගෙන සිටි සැකකරුවෙකු මුදා හරින ලෙස ඉල්ලා මන්ත‍්‍රීවරයා ඊයේ (04) රාත‍්‍රියේ පොලිසියට පැමිණ තිබෙනවා. එහිදී වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඔහුගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර මන්ත‍්‍රීවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට බැණ තර්ජනය කර ඇත්තේ එම අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් පසුව මන්ත්‍රීවරයා රෝහල්ගතව තිබෙනවා.