Monday, April 29, 2024

General line - 0115112241

ලැට්වියා ජනාධිපති දිවයිනට

ටී කේ ජී කපිල - කටුනායක




ලැට්වියා ජනාධිපති රේමන්ඞ් වෙජොයින්ස් නිල සංචාරයක් සඳහා අද (06) පස්වරුවේ දිවයිනට පැමිණියා. කටුනායක ගුවන් තොටුපල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා සමග ජනාධිපති ආර්යාව ඇතුළු තවත් නියෝජිතයින් 05 දෙනෙකු ද දිවයිනට පැමිණි බවයි.

ඔවුන් ලබන 16 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත අතර එම කාලය තුළ ජනාධිපතිවරයා මෙන්ම අග‍්‍රාමාත්‍යවරයා ද හමුවී සාකච්ඡා පවත්වනු ඇති. 

සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ ලැට්වියාව 1991 වසරේ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වනවා. අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරනවා. වර්ග ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව තරම්වන මෙම රඑාජ්‍යයේ ජනගහනය මිලියන 2ක් පමණ වනවා. වර්ථමානයේ එරට භාවිත වන මුදල් ඒකකය වන්නේ යූරෝය.