Saturday, October 19, 2024

General line - 0115112241

බැඳුම්කර වාර්තාවේ කරුණු බොරු! ඔය නියම වාර්තාව නෙවෙයි! රවී කරුණානායක කියයි (AUDIO)




බැඳුම්කර කොමිසන් වාර්තාවේ ඇතුළත් වී ඇත්තේ ව්‍යාජ කරුණු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ජනාධිපතිවරයාට ලබා දුන් වාර්තාව සම්පූර්ණ වාර්තාව නොවන බවත්, ඉන් තමා සහ අගමැතිවරයා නිවැරදි බවත් ඔහු පවසනවා.

අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉකුත්දා භාර දුන් අතර එ් පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඉකුත්දා විශේෂ ප‍්‍රකාශයක්ද සිදු කළා. කොටහේනේ පැවති ජන හමුවකින් අනතුරුව බැඳුම්කර කොමිසමේ වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට රවී කරුණානායක මන්තී‍්‍රවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.



මෙම ජනහමුව අමතමින් රවී කරුණානායක මන්ති‍්‍රවරයා කියා සිටියේ වත්මන් ජාතික ආණ්ඩුවේ වැඩි වරප‍්‍රසාද හිමිව ඇත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට බවයි. මේ හේතුවෙන් සිය පාක්ෂිකයන්ද නොයෙක් කෙනිහිලිකම්වලට ලක්වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.