Saturday, January 18, 2025

General line - 0115112241

පොහොට්ටුවේ සහ ජවිපෙ සාමාජිකයින් රැසක් ජනපතිට සහය පලකරයි




පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්  කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට සහය පළ කිරීම සඳහා අද (06) එක්වුණා. අම්පාර දිස්ත‍්‍රික්කයේ එරකාමම් ප‍්‍රාදේශීය සභාවේ අපේක්ෂකයින් 04 දෙනෙකු ද ඒ අතර වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එම්.ජේ. රවුෆ්, අමීර් අලී ෆායිස්, එම්.එන්. සෆ්රාස් හා එස්.ඒ. ජෙමිරූල් යන අපේක්ෂකයින් එලෙස ජනාධිපතිවරයා හා එක්වුණා. 

මේ අතර පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභාවට තරග කිරීමට නියමිතව සිටි ඒ. එල්. නිර්මලා අපේක්ෂිකාව ද අද ජනාධිපතිවරයා හා එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ජාතික නිදහස් පෙරමුණේ ගාල්ල දිස්ත‍්‍රික් නායක ඉන්ද්‍රජිත් විජේවර්ධන ද ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහය පළ කරමින් අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වුණා.  

මීට අමරතව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු සහ පළාත් සභා සංවිධායකයින් ලෙස කටයුතු කළ ප‍්‍රබල සාමාජිකයින් ඇතුළු 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද අද ජනාධිපතිවරයා හා එක්ව තිබෙනවා.  ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවයි ඔවුන් ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත්තේ.