Saturday, October 19, 2024

General line - 0115112241

ලලිත් ඇතුළත්මුදලි දියණිය ගත් අලුත් මග (PHOTO)




දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ ශ්‍රීමණි ඇතුළත්මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුළත්මුදලි අද (06) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා.

ජනාධිපතිවරයා ගේ  වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවක තම සහය ලබාදීමට සූදානම් බව ඇය එහිදී කියා සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.


ශ්‍රී ලංකාවේ හිටපු වෙළෙද, ජාතික ආරක්ෂක  කැබිනට් අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා 1977- 88 රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වුණා.

මුලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඔහු  අනතුරුව  ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරමින් සිටියදී 1993 අප්‍රේල් මාසයේදී  වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් වුණා.