Saturday, October 19, 2024

General line - 0115112241

වැල්වැටිතුරෙන් තවත් කේරල ගංජා තොගයක් සොයාගනී




වැල්වැටිතුරෙයි තොන්ඩමනාරු පාලම අසළ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් අද (06) පස්වරුවේ සොයා ගැණුනා. ඒ, යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදීයි. එහිදී කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 17යි ග‍්‍රෑම් 760ක් සොයා ගැණුනා. මෙම කේරළ ගංජා තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතයි. 

මේ අතර වැල්වැටිතුරෙයි වෙරළ තීරයේ සඟවා තිබූ කෝටි 03කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ද නාවික හමුදාව විසින් අද සොයාගනු ලැබුණා. එම මත්ද්‍රව්‍ය තොගය අතර ද කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 90ක් තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ.