Saturday, October 19, 2024

General line - 0115112241

දඹාන ආදී වාසින්ගේ සහාය අගමැති රනිල්ට (UPDATE)




එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අද (07) දින බොරැල්ල කැම්බල් පිටියේදී එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයින්, ආසන සංවිධායකවරුන්, එළඹෙන පළාත් පාලන මැතිවර‍ණයේ අපේක්ෂකයින් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් විශාල පිරිසක් ද මෙම විශේෂ සම්මේලනයට සහභාගීවී සිටියා.

එමෙන්ම දඹාන ආදී වාසීන් ද මෙවර මැතිවරණයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට සහාය පල කර තිබෙනවා.

---------------------

නූතන සමාජයට හා දැයේ ඉදිරි ගමනට ගැලපෙන පාළාත්පාලන ආයතන බිහිකරනවා

 

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයද මෙහිදී පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් විසින් ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පළාත් පාලන ආයතනවල සිදුවන මූල්‍ය අක‍්‍රමිකතා පාලනය කිරීම සඳහා විපක්ෂයට කාර්යභාරයක් පැවරීමටක කටයුතු කරන බවයි.

ලයිස්තුවෙන් පත්වන වෘත්තිකයින්හටද වඩා වැදගත් වැඩ කොටසක් පැවරෙන බවද ඔහු මෙහිදී පැවසුවා. නූතන සමාජයට හා දැයේ ඉදිරි ගමනට ගැලපෙන පරිදි අණ පනත් වෙනස් කොට පළාත් පාලන ආයතන නිසි ක්‍රියාකාරී ආයතන බවට පත්කරන බවද ඔහු මෙහිදී පැවසුවා.



-----------------------------------------

එජාප 71වැනි සංවස්තරය අද

07-01-2018 05:59

එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි මහ සම්මේලනය බොරැල්ල කැම්බල්පිටියේදී අද (07) පැවැත්වෙනවා. එ්, පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. 

එ් පිළිබඳව අදහස් දක්වන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ අද පෙරවරු 10.00ට සම්මේලනය ඇරඹෙන බවය. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ඇරඹෙන්නේද අද බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.