Saturday, October 19, 2024

General line - 0115112241

ඡන්දය නිසා පුද්ගලයින් 65ක් අත්අඩංගුවට




ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ  නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 65 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. වැඩිම පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝස්ටර් ඇලවීම සහ ළඟ තබාගැනිම සම්බන්ධයෙන්. එම සංඛ්‍යාව 49ක්. පෝස්ටර්, බැනර් හා ධජ ප‍්‍රදර්ශනය කරමින් රථ වාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් ද පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. 

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව වාර්තා වී ඇති මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සංඛ්‍යාව 29ක්. ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 60ක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ. වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ බැණ තර්ජනය කිරීම් හා බියගැන්වීම් සම්බන්ධයෙන්. එම සංඛ්‍යාව 26ක්. 

මේ අතර නාමයෝජනා භාරදිමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති රිති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 231ක් වාර්තා වී ඇති  බව පැෆරල් සංවිධානය පවසනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ මැතිවරණයට අදාල සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි 194ක් වාර්තා වී ඇති බවයි. මේ අතරින් සිද්ධින් 20ක් බරපතල ගණයේ ඒවා බව ද එම සංවිධානය සදහන් කළා.