Saturday, October 19, 2024

General line - 0115112241

විග්නේෂ්වරන් ප්‍රතික්ෂේප වෙයි




යාපනයේ සංචාරයක නිරත බි‍්‍රතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී කණ්ඩායම උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් හමුවීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඊයේ දිනයේ එම මන්ත‍්‍රී කණ්ඩායම හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබුණේ. කෙසේ වෙතත් අදාළ බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රී කණ්ඩායම එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔවුන් සඳහන් කර ඇත්තේ පසුගිය මාසයේ දී දිවයිනට පැමිණි බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා ද ප‍්‍රධාන අමාත්‍යවරයා හමු වූ බැවින් යළි ඔහු හමුවීම අවශ්‍ය නොවන බවයි.  

යාපනයේ සංචාරය කරන අදාළ බි‍්‍රතාත්‍ය පාර්ලිමේන්තු මණ්ත‍්‍රී කණ්ඩායම ඊයේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ හමුවී සාකච්ඡා පවත්වනු ලැබුවා.