Saturday, October 19, 2024

General line - 0115112241

"කඳ මේ පැත්තේ හිත ඒ පැත්තේ" තියන් ඉන්න ඇමති




හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිදු කළ දූෂණ හා අක‍්‍රමිකතා සෙවීමට වෙනම කොමිසමක් පත් කරන ලෙස අමාත්‍ය පී හැරිසන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ජාතික හැඳුනුම්පත් දෙකක්ද ඔහු සතුව තිබූ බැවින් විමල් වීරවංශ මන්තී‍්‍රවරයා ඡන්දය ද දෙවතාවක් භාවිත කරන්න ඉඩ ඇති බවට සැක සහිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. එමෙන්ම ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන්ද සැක සහිත බවයි මෙහිදී පැවසුවේ.

සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා බොක්කෙන්ම ජනාධිපතිවරයා සමග නොවන බවයි ඔහු මෙහිදී පැවසුවේ. කඳ මේ පැත්තේ තිබුණට හිත ඒ පැත්තේද කියා විශ්වාස නැතැයි ඔහු පවසනවා.

අනුරාධපුරයේ දී මාධ්‍ය අමතමින් පී හැරිසන් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.