Saturday, October 19, 2024

General line - 0115112241

කුඩා තේ වතු හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

හේමන්ත කහවලගේ




ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල කුඩා තේ වතු හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එළඹෙන 14 වනදා දෙණියාය දියදාව ප‍්‍රදේශයේ දී පැවැත්වෙනවා. මෙය සංවිධාන කරන්නේ ජාතික වැවිලි කර්මාන්ත කළමනාකරණ ආයතනය විසින්.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි සභාපති දීප්ති අබේවික‍්‍රම පවසන්නේ වතු ක්‍රමවත්ව නඩත්තු කරමින් ඵලදායිතාව නංවා ක්‍රමවත් ආදායමක් ලැබීමට සැලැස්වීම අරමුණ බවය.