Saturday, October 19, 2024

General line - 0115112241

ඔසු සැල්වලට සහනයක්! ගාස්තු රැසක් අඩු කෙරේ




ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක ඖෂධ ලියාපදිංචි කිරීමේ ගාස්තු, සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීම සහ බලපත‍්‍ර ලබාගැනීමේ ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, පෙරේදා (05) මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදියි.

සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය කළ ඉල්ලීමක් අනුවයි මෙලෙස ගාස්තු අඩු කිරීමට විෂයභාර අමාත්‍ය රාජිත සේනාරත්න පියවර ගෙන ඇත්තේ. 2017 ජූනි 14 වනදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත‍්‍රයට අනුව ඖෂධ සහ ඔසුසැල් ලියාපදිංචි කිරීමේ බලපත‍්‍ර ගාස්තු ඉහළ දමනු ලැබුවා. එමගින් තම ව්‍යාපාර ගැටළු සහගත තත්වයකට පත්ව ඇති බවට සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පෙන්වාදීමෙන් පසුවයි මෙලෙස බලපත‍්‍ර ගාස්තු අඩු කිරීමට අමාත්‍ය රාජිත සේනාරත්න පියවර ගෙන ඇත්තේ.