Saturday, October 19, 2024

General line - 0115112241

ලක්ෂ හයේ මංකොල්ලයට සම්බන්ධ 06ක් අත්අඩංගුවට




හොරණ පෞද්ගලික ආයතනයකට අයත් රුපියල් ලක්ෂ 06කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවලපිටිය පොලිස් ස්ථානයේ හා කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ නගරයේදීයි.

සැකකරුවන් ඉකුත් 04වනදා අදාළ පෞද්ගලික ආයතනයේ භාණ්ඩ ප‍්‍රවාහනය කළ ලොරි රථයක රියදුරුට හා සහයකට පහරදී රුපියල් හය ලක්ෂ 19,000ක මුදලක් කොල්ලකා තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් කාහල්ල, මහගම හා බුලත්සිංහල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්.