Saturday, October 19, 2024

General line - 0115112241

සපුගස්කන්ද "පොලිස් මන්ත්‍රී ගැටුම" විකෘති ආශා ඇති තැනැත්තකු නිසාලු

හේමන්ත කහවලගේ




සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා විකෘති කාමාශවන්ගෙන් පෙළෙන්නෙකු බව අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මතයි පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. එම පුද්ගලයා නිදහස් කරන ලෙසයි ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අශෝක රන්වල පොලිසියෙන් ඉල්ලා තිබුණේ. එහිදී පොලිසිය සහ මන්ත‍්‍රීවරයා අතර ගැටුමක් ද හට ගැණුනු අතර ඒ සම්බන්ධයෙන් පසුව පළාත් සභා මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැණුනා. 

කෙසේ වෙතත් මෙම සිදුවීමේ දී සපුගස්කන්ද පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා අතින්ද වරදක් සිදුව ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරී මදාරා ආරියසේනගේ අධීක්ෂණය යටතේ විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. කොළඹ අපරාධ කොට්ඨාසය ද සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා. 

මේ අතර සිද්ධියට සම්බන්ධ සපුගස්කන්ද පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීමට ද මේ වනවිට නිර්දේශ කර තිබෙනවා.