Saturday, October 19, 2024

General line - 0115112241

නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමරෙක්




පෙබරවාරි 04දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිතාන්‍යයේ මහ රැජිනගේ පුතනුවකු වන එඩ්වඩ් කුමරු සහභාගී වන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරියකු පවසා ඇතැයි "සන්ඩේ ටයිම්ස්" පුවත්පත වාර්තා කරනවා. එඩ්වඩ් කුමරු වෙසෙක්ස්හි අර්ල්වරයා වනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය හරහා බ්‍රිතාන්‍ය රජ පවුල වෙත යවන ලද ආරාධනා පත්‍රය පිළිගත් බව නිල වශයෙන් දැනුම් දී ඇතැයිද එහි වැඩිදුරටත් සඳහන්. 

1998 වසරේ පැවති 50 වැනි නිදහස් සමරු උත්සවය සඳහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහභාගී වුණා.