Saturday, October 19, 2024

General line - 0115112241

රවී කියන්නේ බොරු!

කසුන් කැලුම්




හිටපු මුදල් අමාත්‍ය රවි කරුණායක බැඳුම්කර කොමිසමේ වාර්තාවේ කරුණු අසත්‍ය බවට වූ කළ ප‍්‍රකාශය පිළිගත නොහැකි බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසනවා. හිටපු මුදල් අමාත්‍යවරයා කළ මෙම ප‍්‍රකාශය ගැටලූ සහගත බවයි අමාත්‍ය එස් බී දිසානායක පෙන්වා දෙන්නේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙහි කරුණු අසත්‍ය බව ඕනෑම අයෙකුට කිව හැකි නමුත්, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා පත්කළ කොමිසම ලබාදුන් වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නා බවය. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගතයුතු බව අගමැතිවරයාද පැවසූ බව ඔහු හෙිදී පැවසුවා.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සිදු කළ මෙම ප‍්‍රකාශය පිළිබඳව නෙත් නිවුස් එ්කාබද්ධ විපක්ෂයෙන්ද විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල කියා සිටියේ බැඳුම්කර කොමිසමේ වාර්තාවේ ඇතුළත් කරුණුවලට අනුව හිටපු මුදල් අමාත්‍යවරයාට කිසිදු ගැලවීමක් නොමැති බවයි.