Saturday, October 19, 2024

General line - 0115112241

නාවික හමුදා කඳවුරක් පිහිටුවන්න වෙල්ලමුල්ලිවයික්කාලෙන් ඉඩම් අක්කර 671ක්

දිනසේන රතුගමගේ




මුලතිව් වල නාවික හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා අක්කර 671 ක ඉඩමක් ලබා දීමට රජය අවසර ලබා දී තිබෙනවා.


ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුලතිව් ප්‍රධාන කඳවුර ගොඩ නැගීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ නියෝගය නිකුත් කර තිබෙනවා. මෙම ඉඩම ලබා දී ඇත්තේ මුලතිව් වට්ටුවාල් හා වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයෙනි. මෙම නාවික හමුදා කදවුර ඉදි කරණු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගෝඨාභය සේනාංකය යටතේය.