Saturday, October 19, 2024

General line - 0115112241

ජයලලිතාට බැරිවුණු කච්චතීව් නාඩගම රැගෙන OPS කරළියට..ලාංකීක සරණාගතයන්ගේ ඡන්ද මංකොල්ලයක් ද?

indian times ඇසුරෙන්




ශ්‍රී ලංකාවට අයිතිය ඇති කච්චතීව් දූපත තමන් යළි ඉන්දීයාවට ලබාගැනීමේ මෙහෙයුම ඉදිරියට රැගෙන යන බව තමිල් නාඩුවේ හිටපු මහ ඇමති ඕ.පී.එස් හෙවත් ඕ. පන්නීර් චෙල්වම් පවසනවා.

රමේෂ්වරම් ප්‍රදේශයේ දින 2ක නිල සංචාරයක නිරතව ඇති ඔහු දැනට තමිල් නාඩුවේ උප මහ ඇමතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් හා ධීවර යාත්‍රා ඇතුළු ආම්පන්න මුදවා ගැනීමට වහාම ක්‍රියා කරන බවයි ඕ.පී.එස් හෙවත් ඕ. පන්නීර් චෙල්වම් එහිදී පවසා ඇත්තේ.

මුහුදු සීමා උල්ලංඝණය කළ බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිකරුණේ ඉන්දිය ධීවරයන් අත්අඩංගුවට ගන්නා බවයි ඔහු මෙහිදී පෙන්වා දී තිබෙන්නේ.

ඒ සම්බන්ධයෙන් තමා වහාම මධ්‍යම රජය සමග සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නා බවත් ඉන්දීය ධීවරයන්ට අවශ්‍ය සහන ලබාදෙන බවත් ඕ. පන්නීර් චෙල්වම් පැවසුවා.

තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ද නිරන්තරයෙන් ඉන්දීය ධීවරයන්ගේ ගැටළු සම්බන්ධයෙන් මධ්‍යම රජය දැනුවත් කරමින් අවශ්‍ය පියවර ගත් බව සිහි කළ ඔහු කියා සිටියේ ජයලලිතාගේ එකම ඉළක්කය වුයේ කච්චතීව් දූපත යළි ඉන්දියාවට අයිති කර ගැනීම බවද පෙන්වා දුන්නා.

කච්චතීව් දූපත යනු තමිල්නාඩුවේ රාමනාදන් පුරම් හි පදිංචි මන්නාරම සේතුපති රාජා නම් අයගේ පෞද්ගලික දේපළක් බවත් ඊට අදාළ ලිපි ලේඛන තමිල්නාඩු රජය සතු වන බවත් ඔහු කියා සිටියා.

කච්චතීව් දූපතේ අයිතිය නැවත ලබාගැනීමට අදාළ නඩුව දැනටමත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර තමන්ට වාසි වන ආකාරයේ සියළුම සාක්ෂි තමන් සතුව ඇති බවත් තමිල් නාඩුවේ හිටපු මහ ඇමති ඕ.පී.එස් හෙවත් ඕ. පන්නීර් චෙල්වම් කියා සිටියා.

එම නිසා තමන් ස්ථීර වශයෙන් කච්චතීව් දූපතේ අයිතිය යළි ඉන්දියාවට ලබා ගන්නා බවයි ඔහු කියා සිටියේ.

තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ද සිය මැතිවරණ ප්‍රතිපත්තියක් ලෙස කච්චතීව් දූපත යළි ඉන්දියාවට ලබා ගැනීම පිළිබඳ ප්‍රකාශයට පත් කළා.

ඇය විපක්ෂයේ සිටි අවස්ථාවේ දී ද කච්චතීව් දූපතේ පිහිටෙන් මැතිවරණය ජය ගෙන මහ ඇමති ධූරයට පත් වුණා.

නමුත් බලයට පැමිණීමෙන් පසුවද ඇයට එවැන්නක් සිදුකිරිමට ඉන්දිය මධ්‍යම රජය ඉඩ ලබාදුන්නේ ද නැහැ.

කච්චතීව් දූපත යළි ඉන්දියාවට ලබා ගැනීම යනු හුදෙක් මැතිවරණ ප්‍රතිපත්තියක් මිස එය ක්‍රියාවට නැංවිය නොහැක්කක් බවයි එම අවස්ථාවේ දී ඉන්දිය මධ්‍යම රජය කියා සිටියේ.

ජයලලිතා පසුගිය තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ දී ද කච්චතීව් පිහිටෙන් මැතිවරණය ජය ගත් අතර එම මැතිවරණයේ දී ඇය කරුණානිධිට වඩා සුළු ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළා.

ඒ මැතිවරණය ප්‍රකාශ කිරිමට ආසන්න කාලවකවානුවේ දී තමිල් නාඩුවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකීක සරණාගතයන් ට පළමු වරට එහි ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය ලබාදීමත් සමගයි.