Saturday, October 19, 2024

General line - 0115112241

ඉපදී පැය 3යි..කුඩා බිළිඳිය අතැර ගිය දෙමාපියන් සොයා මෙහෙයුමක්

ඞී එම් විජේසිංහ - කුරුවිට




රත්නපුර - කුරුවිට තෙප්පනාව ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දමාගොස් සිටි බිළිඳියක සොයාගෙන තිබෙනවා.

පැය 03කට පමණ පෙර බිහි කළ දරුවෙකු මෙලෙස දමාගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම දරුවා මේ වනවිට රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් බලධාරීන් ප‍්‍රකාශ කළා.

දරුවාගේ මව හෝ පියා පිළිබ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔවුන් සොයා ගැනීම සඳහා මේවන විටත් අවශ්‍ය මෙහෙයුමක් පොලීසිය දියත් කර ඇති බව සඳහන්.

කුරුවිට පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.