Saturday, October 19, 2024

General line - 0115112241

17 හැවිරිදි සිසුවියකට අතවර කළ 22 හැවිරිදි පෙම්වතා කොටු වෙයි

ටෝනි කරුණානායක - ගම්පහ




17 හැවිරිදි පාසල් සිසුවියක් සමග පේ‍්‍රම සබතාවක් පවත්වාගෙන යමින් වරින් වර ඇයට අතවර කළ බව කියන විසි දෙහැවිරිදි (22) තරුණයෙකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සිය ජංගම දුරකථනයෙන්  මෙම සිසුවියගේ නිරුවත් ඡායාරූප ලබා ගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලිදී අනාවරණ වුණේ.

ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරමින් සිසුවිය අතවරයට ලක් කර ඇති බව පොලිසිය පැවසුවා.

අරක්කැමියෙකු ලෙස සේවය කරන සැකකරු දිවුලපිටිය හපුවලාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.