ඕස්ටේ්රලියාව වෙනුවෙන් එකම ටෙස්ට් තරගයක එකම ඉණිමකදී ශතක 2ක් වාර්තා කළ 3වන සහෝදරයින් දෙදෙනා බවට මාෂ් සහෝදරයින් අද (07) ඉතිහාසයට එක් වුණා.
මෙම දස්කම දැක්වූයේ ශෝන් මාෂ් සහ මිචෙල් මාෂ්.
ඒ, එංගලන්තය සමග පැවැත්වෙන පස්වන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඔස්ටේ්රලියා පළමු ඉණිමේදීයි.
මීට පෙර මෙම දස්කම දක්වා තිබුණේ චැපල් සහෝදරයින් සහ වෝ සහෝදරයින් විසින්.
මේ අතර, මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක මේසන් කේ්රන්ගේ පන්දුවාර 48දී ඔස්ටේ්රලියානු පිතිකරුවන් ලකුණු 193ක් රැස් කළා.
එය සටහන් වූයේ සිය මංගල ටෙස්ට් තරගයේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් පස්වන පන්දු යැවීම ලෙසයි.
සිව්වන දිනය නිමා වනවිට සිය 2වන ඉණිම ක්‍රීඩා කරන එංගලන්තය තවත් කඩුලූ 6ක් අතැතිව ඔස්ටේලියාවට වඩා ලකුණු 210ක් පිටුපසින් සිටිනවා.
-----------------
අළු බඳුන පස්වන ටෙස්ට් තරගයේ වැඩි වාසිය ඔස්ටේ්රලියාවට (07-01-2018 16:31)
එංගලන්තය සමග පැවැත්වෙන පස්වන අළු බඳුන ටෙස්ට් තරගයේදී වැඩි වාසිය අත් කර ගැනීමට ඔස්ටේ්රලියානු කණ්ඩායම අද (07) සමත් වුණා.
ඒ, එංගලන්ත කණ්ඩායමරට වඩා ලකුණු 210ක් ඉදිරියෙන් සිටිමින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පළමු ඉණිමට ලකුණු 346යි.
ඔස්ටේ්රලියාව සිය පළමු ඉණිමට කඩුලූ 7ක්දැවී ලකුණු 649ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා.
සිව් වන දිනය නිමා වන විට එංගලන්තය කඩුලූ 4ක් දැවී ලකුණු 93ක් රැස් කර ගෙන සිටියා.