යාපනයේ අච්චුවේලි ආවරංගල් ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක පාසල් දරුවෙකු ඔහුගේ ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳට ඇද වැටීමෙන් ඊයේ (06) සවස මියගොස් ඇති බවට අච්චුවෙලි පොලීසිය කියා සිටියා.
අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි සතීස්කුමාර් ලික්ෂාන් නැමති 11 හැවිරිදි මෙම සිසුවා අච්චුවේලි රාමලිංගම් පාසලේ ඉගෙණුම ලබනවා.
ඊයේ (06)සවස මෙම පාසල් දරුවා සරුංගලයක් සමඟ සෙල්ලම් කරමින් සිට ඇති අතර සරුංගලය උඩ යැවීමෙන් පසුව සරුංගලය දෙස බලමින් පිටුපසට දිව යාමේදී දරුවාට වෙත්තේ තිබූ අනාරක්ෂිත ළිඳ අමතක වී ළිඳට වැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවට අච්චුවේලි පොලීසියට තොරතුරු අනාවරනය වුණා.
දරුවා ළිඳට වැටීමෙන් පසුව නිවසේ නොමැති වීමෙන් දෙමාපියන් හා ප්‍රදේශවාසීන් සෝදිසි කර බැලීමේදී සිසුවා ළිදට වැටී මියගොස් ඇති බව දැක තිබෙනවා.
මේ වන විට මිය ගිය පාසල් දරුවාගේ මළ සිරුර යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති බවට පරික්ෂණ සිදු කරන අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.