Saturday, October 19, 2024

General line - 0115112241

වසර 79කට පසු සිඞ්නි නුවර ගිනියම් වෙච්ච හැටි




වසර 79කට පසු ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරින් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය මේ දිනවල පවතිනවා.

අද (07) දිනය තුළ පමණක් එහි උෂ්ණත්වය වාර්තා වුයේ සෙල්සියස් අංශක 47යි දශම 3ක් ලෙසයි.

සිඞ්නි නුවර උෂ්ණත්වය මීට පෙර වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණේ 1939 වසරේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් හදිසි ගිනි අනතුරු ඇවීම් සංඥා ද නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.

අධික උෂ්ණත්වය හේතුවෙන් සිඞ්නි නුවර වෙරළ තීරය ජනතාවගෙන් පිරී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිඞ්නි යනු ඕස්ටේ‍්‍රලියාවේ වැඩිම පිරිසක් ජිවත් වන නගරයයි. ඕස්ටේ‍්‍රලියානු ජනගහණයෙන් සියයට 20.74ක් ජිවත් වන්නේ සිඞ්නි නගරයේයි.