Saturday, October 19, 2024

General line - 0115112241

බැඳුම්කර සිද්ධිය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්




2008 - 2015 කාලය තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ටි‍්‍රලියන 4ක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරිම හේතුවෙන් ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන 10,000ක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳ විගණනය කළ යුතු බව බැඳුම්කර කොමිසම නිර්දේශ කර ඇති බවයි.

එබැවින් කඩිනමින් එම පරීක්ෂණ ආරම්භ කළ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (07) කියා සිටියා.

, බොරැල්ලේ පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අමතමින්.

මීට පෙර සිදුවූ වංචා සහ දූෂණ පිළිබඳව මේ වනවිට ගෙන ඇති පියවර මෙන්ම මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්ව ඇති සිය නර්තනය පිළිබඳවද අග‍්‍රාමොත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පළ කළා.

ඉදිරියේදී පෞද්ගලික අංශයට වැඩි රැකියා අවස්ථා ලබා දීමටත් ස්වයං රැකියා සඳහා වැඩියෙන් ණය ලබා දීමටත් ‘‘වයි - ෆයි‘‘ මධ්‍යස්ථාන 30,000ක කටයුතු අවසන් කිරීමටත් ඉදිරියේදී පියවර ගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.