Saturday, October 19, 2024

General line - 0115112241

පුංචි ඡන්දයට අදාළව 114 ක් අත්අඩංගුවට




පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා පුද්ගලයින් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මැතිවරණ කාර්යාංශය පවසනවා.

ඉන් 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන්.

බහුතරය ඡන්ද පෝස්ටර් ඇලවීම සහ ළඟ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට පත් වූ පිරිසයි.

ගත වූ පැය 24 තුළ පමණක් පුද්ගලයින් 11 දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ දක්වා වාර්තා වී ඇති මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සංඛ්‍යාව 35ක්.

මැතිවරණ පැමිණිලි ද 68ක් වාර්තා වූ බවයි පොලිසිය පවසන්නේ.

ඉන් 28ක් බැණ තර්ජනය කිරීම් හා බිය ගැන්වීමේ සිද්ධීන්. මැතිවරණ පැමිණිලිවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 38ක්.