චීනයට ආසන්න මුහුදේදි ඉන්ධන රැගත් නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එකිනෙක ගැටී සිදුවූ අනතුරෙන් අතුරුදන් වූ තිස් දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහුහෙයුම් සිදු කෙරෙනවා.
ඉන්ධන ටොන් එක් ලක්ෂ 36,000ක් රැගත් ඉරානයට අයත් නෞකාවකුයි මෙලෙස අනතුරට ලක් වුණේ.
අනතුරත් සමග නෞකාව ගිනිගෙන තිබෙනවා. අතුරුදන්වුවන් සෙවීමේ මෙහෙයුම් සඳහා චීන නෞකා 8ක් ද දකුණු කොරියානු වෙරළාරක්ෂක නෞකාවක් ද යොදා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.