Saturday, October 19, 2024

General line - 0115112241

බැඳුම්කර සිද්ධියට ඍජුව වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙනතුරු බලපෑම් කරනවා




ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඍජුව වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන තෙක් තම පක්ෂය ඒ වෙනුවෙන් බලපෑම් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ කෑගල්ලේදී පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමින්.

අදාළ කාරණාව සම්බන්ධයෙන් තම පක්ෂය අවදානයෙන් සිටින බවද ඔහු කියා සිටියා.

මේ වනවිට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ තොරතුරු අනාවරණ වීමට ද ප‍්‍රධාන හේතුව ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් මැදිහත්වීම බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර, වත්මන් ආණ්ඩුව බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ගන්නා  ඕනෑම් තීරණයකට එක්සත් ජාතික පක්ෂය කිසිඳු විරෝධයක් පළ නොකරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.