Saturday, October 19, 2024

General line - 0115112241

ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් - මහින්ද




ඉකුත් පාලන සමය තුළ තමන් යටතේ සිදු වූ බව කියන මුල්‍ය වංචා සම්බන්ධයෙන් වන  ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

තිස්සමහාරාම ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.

එමෙන්ම තමන්ට විරුද්ධව ඇති චෝදනා ඔප්පු කර පෙන්වන ලෙසද ඔහු බලධාරින්ගෙන් ඉල්ලා සිටියා.