Saturday, October 19, 2024

General line - 0115112241

ඉකුත් රජයේ පාලනයේ දී බලහත්කාරයෙන් සොරුන් බවට පත් වෙලා




ඉකුත් රජය, සංවර්ධන ව්‍යාපෘතිවලට මුවා වෙමින් විවිධ අක‍්‍රමිකතා සිදු කර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා.

ඒ හේතුවෙන් බොහෝ දෙනා බලහත්කාරයෙන් සොරුන් බවට පත් වූ බවයි හිටපු ජනාධිපතිනිය පෙන්වා දුන්නේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම අදහස් පළ කළේ ගම්පහ පැවති ජන හමුවකට එක් වෙමින්.