Saturday, October 19, 2024

General line - 0115112241

සමාජජාල ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ වැළැක්වීමටත් සාකච්ඡාවක්

තරංග රුක්ෂාන් ජයසේකර




මැතිවරණ සමයේ ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍ය ඔස්සේ සිදු කරන ප‍්‍රචාරණ කටයුතු වැළැක්වීමට ගත හැකි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (08) පැවැත්වෙනවා.

ඒ, මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා හා නීතිපතිවරයා අතරයි.

ප‍්‍රචාරක කටයුතු නතර කළ යුතු කාලයෙන් පසුවද සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප‍්‍රචාරණය සිදු කළ හැකි බවටයි බොහෝ පිරිස් අදහස් පළ කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය අදහස් පළ කළා. 

එහිදී සඳහන් කෙරුණේ අදාළ සාකච්ඡාවලින් පසුව ඒ සම්බන්ධයෙන් කරුණු ගැසට් නිවේදනයට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මැතිවරණ ප‍්‍රචාරණය සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.

"මැතිවරණ සමයේ ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍ය ඔස්සේ සිදු කරන ප‍්‍රචාරණ කටයුතු වැළැක්වීමට සමාජජාලය ඔස්සේම කැම්පේන් එකක් යන්න ඕනේ..මේක වැරදි වැඩක් කියලා..නැත්නම් ලොකු නීතියක් හැදෙන්න ඕනේ මේක තහනම් කරලා ඔවුන්ට නඩු දාන්න ඕනේ කියලා. මට හෙට කරනවායි කියලා කියන්න බැහැ..හැබැයි කෙරෙන්නට ඕනේ" 

ෆේස්බුක් පිටු, ෆේස්බුක් කණ්ඩායම් මෙන්ම වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් සමග මේ සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.