Saturday, October 19, 2024

General line - 0115112241

කොළඹ දුන්නොත් හදන හැටි 'ජවිපෙ' කියයි




කොළඹ නගරය දියුණු කිරීම සඳහා නව සැලැස්මක් හඳුන්වා දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඒ, කොළඹ නගරය ගොඩනගන වැඩපිළිවෙල එළිදැක්වීම වෙනුවෙන් ඊයේ (07) පස්වරුවේ පැවති උත්සවයකදීයි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක සඳහන් කළේ කොළඹ නගර සභාව සිය පක්ෂය වෙත ලැබුණ හොත් එය දකුණු ආසියාවේ හොඳම නගර සභාව බවට පත් කිරීමට කටයුතු කරන බවයි. සිය පක්ෂය තිස්සමහාරාමය දියුණු කළ ආකාරයටම කොළඹ නගර සභාව ද දියුණු කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. 

සෑම නගර සභාවකම කෝප් කමිටුවක් ස්ථාපිත කරන්නැයි තම පක්ෂය යෝජනා කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

කොළඹ නගරයේ ඇති පාවෙන ඡන්ද තම පක්ෂයට වාසියක් බවයි මන්ත‍්‍රී බිමල් රත්නායක වැඩිදුරටත් කියා සිටියේ.