Saturday, October 19, 2024

General line - 0115112241

ආණ්ඩුව පෙරලන හැටි පෙන්වන්න මහින්ද සූදානම් ලු

ජූඩ් සමන්ත - හලාවත




පළාත් පාලන මැතිවරණය ආණ්ඩු පෙරළන මැතිවරණයක් නොවන බවට ඇතැමුන් ප‍්‍රකාශ කළද ආණ්ඩුව පෙරළන හැටි පෙන්වීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ආණමඩුවේ පැවති ජන හමුවකට එක්වෙමින්. 

එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ "දැන් කියනවා මේක ආණ්ඩු පෙරලන ඡන්දයක් නෙමෙයිලු.. හැබැයි ඉතින් තමුන්නාන්සේලා හරියට ඡන්දෙ දුන්නොත් මේක ආණ්ඩු පෙරලන ඡන්දයක් කියලා අපි පෙන්වන්නම්..පෙරලන හැටි අපි පෙන්වන්නම්..ඒ අය ජනතා බලවේගයට බයයි ." යනුවෙනි.