Saturday, October 19, 2024

General line - 0115112241

ශීත උදෑසන සහ රාත්‍රිය ගැන කාලගුණ නිවේදනයක්




පවතින වියළි කාලගුණයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

විශේෂයෙන් උතුරු පළාතේ මෙම තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බවයි සඳහන් කරන්නේ.

දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වයන් සමග 'ශීත' උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැකි බවයි ඒ අනුව වැඩි දුරටත් වාර්තා කරන්නේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල පෙරවරු කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැකගත හැකි බවද නිවේදනය මගින් වාර්තා කර තිබෙනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද සඳහන් කරනවා.