Saturday, October 19, 2024

General line - 0115112241

නැව ඇවිත් - පොහොර බෙදෙන්නේ මෙහෙමයි

තරංග රුක්ෂාන් ජයසේකර




පාකිස්ථානයේ සිට පැමිණි පොහොර රැගත් නෞකාව මේ වනවිට කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

පොහොර ගොඩබෑම තව නොබෝ වේලාවකින් ආරම්භ කිරීමට නියමිතයි.

පොහොර තොගය පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුවනවා.

එම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එක්ව සිටින ලංකා පොහොර සමාගමේ ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂ රවී ක‍්‍රිෂාන් ජයවර්ධන පොහොර බෙදාහැරීමට ඇති සූදානම පිළිබඳ නෞකාවේ සිට නෙත් නිවුස් වෙත පැහැදිලි කළා.

එහිදී පැවසුවේ මෙම නෞකාවේ යූරියා පොහොර මෙට්‍රික්ටොන් 48000 අඩංගු බවයි. දහවල් කාලයේදී එහි බෙදාහැරීම් කටයුතු ආරම්භ කරන බවද සඳහන් කළා. ප්‍රවාහන කටයුතු සඳහා ලොරි රථ 250ක් පමණ කොළඹ වරායට පැමිණ ඇති බවත් පෙන්වා දුන්නා. ප්‍රථමයෙන් අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, මහියංගනය යන ප්‍රදේශවලට බෙදා හැරීම ආරම්භ කිරීමට සූදානම් බවත් පෙන්වා දුන්නා.

රටපුරා ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන 561ක් හරහා මෙම පොහොර තොගය කඩිනමින් ගොවීන් අතට පත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.