Saturday, October 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි කණ්ඩායම් දෙක සිය සංචිත නම් කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සිය සංචිත ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

සිය රටේදී පැවැත්වෙන එක්දින තරගාවලියට බංග්ලාදේශය එක්වන්නේ වෙනස්කම් 05ක් ද සමගයි.

කතාබහට ලක්වූ වේග පන්දු යවන්නෙකු වන මුස්ටර්ෆීසුර් රෙහෙමාන් ද කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්.

මීට අමතරව ටස්කීන් අහමඞ්, සෞම්‍ය සර්කාර් සහ මොමිනුල් හක් යන නම් දැරූ ක‍්‍රීඩකයින් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා. 

සිම්බාබ්වේ සංචිතයට මෙතෙක් එක්දින වරම් දිනානොගත් නවක ක‍්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

බ්‍රෙන්ඩන් ටේලර්ද යළි සිම්බාබ්වේ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්. 

ශ‍්‍රී ලංකා, බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය ලබන සඳුදා ආරම්භ වීමට නියමිතයි.