Saturday, October 19, 2024

General line - 0115112241

UNPයට කළ ගුණ සැළකුවා ඇති ජනතාවට කළ ගුණ සලකන්න




එක්සත් ජාතික පක්ෂයට කළ ගුණ සැලකීම නවතා ජනතාවට කළ ගුණ සැලකීම ආරම්භ කරන්නැයි පිවිතුරු හෙළ උරුමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජනාධිපතිවරයා නිසි ආකාරයෙන් කඩුව අතට ගත්තේ නම් අග්‍රාමාතයවරයා හා රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා මුලින් කැපී යන බවයි ඔහු කියා සිටියේ.

වසර 3ක් එක්සත් ජාතික පක්ෂයට කළ ගුණ සැළකු ජනාධිපතිවයාට දැන් ජනතාවට කළ ගුණ සැළකීම සඳහා කාලය උදා වී ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර පිවිතුරු හෙළ උරුමය අද (08) කැඳවූ මාධ්‍ය හමුවකට ඔවුන් සහභාගී වූයේ කඩු අතැතිවයි.

මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ ජනාධිපතිතුමන් එක්සත් ජාතික පක්ෂයට කළ ගුණ සැලකීම නවතා ජනතාවට කළ ගුණ සැලකීම ආරම්භ කළ යුතු බවයි.