Saturday, October 19, 2024

General line - 0115112241

එක්දින හා විස්සයි 20 නායකත්වය මැතිව්ස්ට (UPDATE)

කසුන් කැලුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබෙනවා.

පාදයේ ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් ශාරීරික යෝග්යාකතා පරීක්ෂණයෙන්ද සමත්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.

කෙසේ වෙතත් අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පසුගියදා පත්වු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුව විසින් සිදුකරනු ලැබු ආරාධනය ඇන්ජලෝ මැතිව්ස් පිළිගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ප්‍රකාශ කළේ.

මේ අතර දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් බංගලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගයට කැඳවා තිබෙනවා.

--------------------

නව එක්දින නායකයාගේ නම කියන්න ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවයි (09-01-2018 06:33)

ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නව නායකයා අද (09) පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් හෝ දිනේෂ් චන්දිමාල් එ් සඳහා පත් කෙරෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

පාදයේ ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් ශාරීරික යෝග්‍යාතා පරීක්ෂණයෙන්ද සමත්ව ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප‍්‍රකාශ කළේ.

නව එක්දින නායකයා නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද පෙරවරුවේ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබෙනවා.