Saturday, October 19, 2024

General line - 0115112241

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්..පක්ෂ නායකයනුත් රැස්වෙයි

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තුවේ හෙට (10) පැවැත්වෙන විශේෂ රැස්වීමේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

පාර්ලිමේන්තුවේ මෙම විශේෂ රැස්විම කැඳවා ඇත්තේ ජනාධිපතිවරයා වෙත ඉකුත් දා භාර දෙන ලද බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව පිළිබඳ විවාදයක් සඳහායි.

අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප‍්‍රකාශයත් සමග එම විවාදය ආරම්භ වනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග කියා සිටියා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ හෙට (10) පැවැත්වෙන විශේෂ රැස්වීම සඳහා අවසන් න්‍යාය පත‍්‍රය සකස් කෙරෙනු ඇත්තේ අද (10) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදීයි.

දහවල් 2.30 ට මෙම පක්ෂ නායක රැස්විම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා වෙත ඉකුත් දා භාර දෙන ලද බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව දැනට සකස් කර ඇත්තේ ඉංගී‍්‍රසි භාෂාවෙන් පමණයි.

පාර්ලිමේන්තුවේදී මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් පමණක් එය සිංහල සහ දෙමළ මාධ්‍යයට පරිවර්තනය කෙරෙනු ඇති.

එමෙන්ම එම වාර්තාව මහජනතාව සඳහා ප‍්‍රසිද්ධ කිරීමට නම් එය පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු බවයි පාර්ලිමේන්තු ආරංචි කියා සිටියේ.

ඒ පිළිබඳ තීන්දු කළ යුත්තේ ජනාධිපතිවරයා බවද නෙත් නිව්ස් කළ විමසීමකදී දැන ගන්නට ලැබුනා.