මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී සංගමය තීරණය කර තිබෙනවා.
මෙරට ලක්ෂ දාහතක් වූ ආබාධ සහිත පුද්ගලයින්ගේ ඉල්ලීම්වලට කිසිඳු රජයක් අවධානය යොමු නොකිරීම හේතුවෙන් එවැනි තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති එම් එම් ලාල් පුෂ්පකුමාර සඳහන් කළේ.
මෙරට දෘශ්‍යාබාධිත උපාධිධාරී 70ක් පමණ සිටින බවද තවත් 30 දෙනෙකු පමණ ළඟදීම සිය උපාධිය අවසන් කිරීමට නියමිත බවද ඔහු කියා සිටියා.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් 2013 වසරේ සිට බලධාරීන් දැනුවත් කළද මෙතෙක් විසඳුම් නොලැබුණු බවයි රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී සංගමය වැඩිදුරටත් පැවසුවේ.