Saturday, October 19, 2024

General line - 0115112241

ජනාධිපතිතුමා පාට නොබලා හොරුන්ට හොර ලේබලය ඇලෙව්වා - ඇමති ඩිලාන් (VIDEO)




පාට,පක්ෂ නොබලා හොරුන්ට හොරු ලේබලය ගැසීමට ජනාධිපතිවරයා පසුබට නොවූ බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පසුගිය (11) දින හාලිඇල දී පැවති ජන හමුවකදී පැවසුවා.

ඒ හේතුවෙන් අද  එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත සහාය පළ කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

බැඳුම්කර කොමිසමේ වාර්තාව හා බරපතල මුල්‍ය අපරාධ කොමිසමේ වාර්තාව මඟින් එජාපයේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ හොරු එකින් එක අනාවරණ වී ඇති බව හෙතෙම ප්‍රකාශ කළා.

ඒ අනුව දැන් පැහැදිලිවම හොරු නැති පැත්තක් තෝරන්නේ නම් තේරීම වියයුත්තේ බුලත් කොළය බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.