Saturday, October 19, 2024

General line - 0115112241

ජවිපෙ බස්නාහිර මන්ත්‍රී අශෝක රන්වලට ඇප




ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල අද (12) ඇප මත මුදා හැරුනා.

ඒ මහර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.

අශෝක රන්වල මන්ත්‍රීවරයා ඉකුත් දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

මන්ත්‍රීවරයාගේ නීතීඥයින් ඇප ඉල්ලා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළ අතර ඒ අනුව මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමට මහර මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.