Saturday, October 19, 2024

General line - 0115112241

බදුල්ල රෝහලේ අනතුරු ඇඟවීමේ සංඥා හදිසියේ ක්‍රියාත්මකවීමෙන් නොසන්සුන්තාවක්

පාලිත ආරියවංශ - බදුල්ල




බදුල්ල මහ රෝහලේ හදිසි අනතුරු සංඥා හදිසියේ ක්‍රියාත්මක වීම හේතුවෙන් අද (12) උදෑසන එහි නොසන්සුන්තාවක් හට ගෙන තිබෙනවා.

හදිසි අනතුරු සංඥා කි්‍රයාත්මක විමත් සමග රෝහල් කාර්යය මණ්ඩලය, නේවාසික රෝගීන් සහ බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් ද කලබලයට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

රෝහලට පැමිණි සිටි පාසල් සිසුවෙකු හදිසි අනතුරු සංඥා ක්‍රියාත්මක කර ඇති බවයි පසුව අනාවරණය වී ඇත්තේ.

අදාළ සිසුවාට රෝහල් බලධාරීන් අවවාද කර මුදා හැර තිබෙනවා.