මධ්‍යසාර ප්‍රවර්ධනයට අදාළව රජය පසුගියදා ගනු ලැබූ තීරණ රටේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීමේ අරමුණින් කරන ලද්දක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පැවසුවේ පසුගිය අයවැයේදී ද සැබෑ ගැටළු යටපත් කිරීමට ආණ්ඩුව මෙවැනි උපක්‍රමයක් යොදාගත් බවයි.
මධ්‍යසාර ප්‍රවර්ධනය වන ආකාරයේ තීරණ ගැනීමෙන් මෙරට ළමා සහ තරුණ පරපුරටත්, සංස්කෘතියටත් අහිතකර බලපෑම් එල්ල වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නා.
මේ අතර නෙත් නිවුස් කළ කරුණු විමසීමක දී අමාත්‍ය ජෝන් අමරතුංග කියා සිටියේ ආණ්ඩුව අදාළ තීරණ ගෙන ඇත්තේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බවයි.
මේ සම්බන්ධයෙන් මතය විමසීමට නෙත් නිවුස් අමාත්‍ය එස් බී දිසානායක ද දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තා. ඊට ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. "උඹ හිතුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුකුළු කූඩු ඇරියම බාර් ඇරියම බලු කූඩුව වහපුවම, උඹ හිතනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු ගන්නවද කියල. අනේ පලයං බං යන්න" යැයි පැවසුවා.