බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අතරමගදී වෙනස්වේදැයි සැක මතුවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවිර අද (16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
එවැනි අකටයුත්තක් සිදු වුවහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මෙහිදී ප්‍රකාශ කළා.
ඒකාබද්ධ විපක්ෂය අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් කියා සිටියේ අදාළ වාර්තාව මගින් වරදකරුවන් කර ඇති තවත් පාර්ශ්ව කිහිපයකට ද එම වාර්තාවේ පිටපත් ලැබී ඇති බවයි.