වීදි චිත්‍ර ශිල්පීන්ගේ දක්ෂතා අගය කරමින් මෙම වසරේ සිට ඔවුන්ට ජනාධිපති සම්මාන පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
එමෙන්ම වීදි චිත්‍ර ශිල්පීන්ගේ සුබ සාධනයට සහ ඉදිරි කටයුතු වෙනුවෙන් රජයක් ලෙස ලබා දිය හැකි සෑම සහයක්ම ලබා දෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
කොළඹ වීදි චිත්‍ර ශිල්පීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග අද පැවති හමුවකදි ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
වීදි චිත්‍ර කලාවේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ද එම නියෝජිතයින් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවා.