මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ඥාතීන් වන පොලිස් නිලධාරීන් 105 දෙනෙකුට සහ පොලිස් ආරක්ෂක සාහයකයින් 03 දෙනෙකුට වහාම ස්ථාන මාරුවිම් ලබා දී තිබෙනවා.
පොලිස් මූලස්ථානය පැවසුවේ මැතිවරණ කොමිෂන් සභෘවෙන් ලැබුණු උපමාන වලට අනුව එම කොමිෂන් සභාවේද අනුමැතියෙන් අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.
ස්ථාන මාරුවීම් ලද පොලිස් නිලධාරීන්ගේ සහ පොලිස් ආරක්ෂක සහායකයන්ගේ ඥාතිවරයෙකු එම නිලධාරීන් රාජකාරියේ යෙදී සිටි පොලිස් කොට්ඨාශය තුළම කිසියම් පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් තරග වැද සිටිනවා.
ඒ අනුව එම නිලධාරීන් අදාළ පොලිස් කොට්ඨාශයෙන් බැහැර වෙනත් කොට්ඨාශයක් වෙත මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් කියා සිටියේ.