Wednesday, May 8, 2024

General line - 0115112241

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය ගැන උත්තර දෙන්න ඌව අධ්‍යාපන ලේකම්වරිය ඇතුළු 06ක් අද එයි




බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. බවානි දණ ගැස්සවීම සහ ඇයට බලපෑම් සිදුකර ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල ඇතුළු වග උත්තරකාර පාර්ශ්වයේ හය දෙනකුට අද (25) පෙරවරු 10.00ට කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට එම කොමිෂන් සභාව සිතාසි නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ එච්.ආර්.සී./236/18 අංකය යටතේ ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය, බදුල්ල පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, බදුල්ල පොලිස් ස්ථානාධිපති, ඌව පළාත් සභාවේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය උපදේශක සහ එම ඒකකයේ තවත් සේවකයන් දෙදෙනකු මේ අනුව කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙන්නේ.

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සහ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මෙම කැඳවීම කර තිබෙනවා.