Wednesday, May 8, 2024

General line - 0115112241

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මහ පාරෙදි තරුණයෙකුට ගහලා

දිනසේන රතුගමගේ




බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තරුණයෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කිලිනොච්චිය බාලි හන්දියේදී මෙම පහරදීම සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

බන්ධනාගාර නිලධාරීන් රැඳවූවන් පිරිසක් රැගෙන බස් රථයකින් ගමන් කරමින් සිටියදී ආහාර ගැනීම සඳහා හෝටලයක නතර කර තිබෙනවා.

එහිදී බන්ධනාගාර නිලධාරීන් බස් රථයෙන් බසින අවස්ථාවේදී පාපැදියකින් පැමිණි තරුණයෙකු ඔවුන්ගෙන් එක් අයෙකුගේ සිරුරේ ගැටී තිබෙනවා.

අදාළ තරුණයා පහර කෑමට ලක්ව ඇත්තේ ඒ අනුවයි. තුවාල ලැබූ තරුණයා ප‍්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කෙරුණා. මෙම පහර දීම පිළිබඳව පොලිස් විමර්ශනයක්ද කි‍්‍රයාත්මකයි.