නව නිලධාරී මණ්ඩලය පත් කිරීමෙන් පසුව ශි‍්‍ර ලංකා වෛද්‍ය සභාව අද (26) පළමු වරට රැස් වනවා. මෙවර පැවැත්වූ නිලවරණයේදී සභිකයින් සිව්දෙනෙකු තෝරා පත් කර ගැනුනා. ඔවුන් සිව්දෙනාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කිරීම විශේෂත්වයක්. අද පැවැත්වෙන වෛද්‍ය සභාවේ පළමු රැස්වීමේදී සයිටම් ගැටළුව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ.
සයිටම් ගැටළුව මුල් කර ගනිිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (26) ප්‍රකාශ කළා